Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2024 18:44:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 21) දින 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන් 1 හා 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායන්හි අණදෙන නිලධාරින් සහ භටපිරිස් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

අනතුරුව, එතුමන් සම්මන්ත්‍රණ ශාලාවේදී 1 සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම ඒකකයන්හි සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රකාශ කරන ලදී. තවද, එතුමන් විසින් භටපිරිස් වෙත පැවරී ඇති රාජකාරි සහ වගකීම් සාර්ථක ලෙස ඒකාබද්ධ කිරීම අගය කරමින් ඒකකයන්හි ප්‍රගතිය සඳහා සාමූහික කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරන ලදී.

ඒකකයන් උසස් ප්‍රමිතීන්ගෙන් යුතුව පවත්වාගෙන යාමට භටපිරිස්හි කැපවීම වෙනුවෙන් නියෝජ්‍ය සේනාවිධායක විසින් සියළුම භටපිරිස් වෙත සිය ස්තුතිය පුදකරන ලදී.

සංචාරය සමාප්තියේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම සංචාරය සඳහා 1 සහ 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායන්හි අණදෙන නිලධාරීන්, හ ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සම්බන්ධීකරණ නිලධාරී, 61 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරී සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.