Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2024 19:35:14 Hours

ලෝක ජල දිනය වෙනුවෙන් 4 ගැමුණු හේවා බලකායෙන් වැඩසටහනක්

2024 වර්ෂයේ ලෝක ජල දිනය නිමිත්තෙන්, 4 ගැමුණු හේවා බලකාය විසින් පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින උන්නච්චිය ජලාශයේ ජල මූලාශ්‍ර සහ පෝෂක ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

වව්නතිව් ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් යටතේ 232 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් පිරිසිදු කිරීමේ වැඩසටහන සිදුකරන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් 25 දෙනෙකු සමඟින් උන්නච්චිය ගම්මානයේ සිවිල් වැසියන් 6 දෙනෙකුද මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වූහ.