Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2024 14:59:32 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරයි

පනාගොඩ, යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව තෙමහල් ගොඩනැගිල්ල පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අතර, එම අවස්ථාවට සපැමිණි එතුමන් යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.පී සමරවීර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව නව තෙමහල් ගොඩනැගිල්ලේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. මෙමගින් එම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ වැදගත් ලිපි ලේඛන සහ වාර්ථා සුරක්‍ෂිතව ගබඩා කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසයි.

මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලය දිගු කලක සිට අත්‍යාවශ්‍ය ලිපි ලේඛන සුරක්‍ෂිතව ගබඩා කරගැනීමේ ගැටළුවකට මුහුණ පා සිටි අතර, නව ගොඩනැගිල්ල මගින් එම අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා පහසුකම් සැලසී ඇත. ඉංජිනේරු සේවා බලකායේ ශ්‍රම දායකත්වයෙන් නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, අනතුරුව කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් ද රෝපණය කළේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති- බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පිඑස්සී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.