Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th March 2024 18:35:30 Hours

යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබූ ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයීය නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කරයි

කොටපොල, ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳුදා (මාර්තු මස 25) දින ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කලමණාකරන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ පරිත්‍යාගශීලීන් සහභාගී වූහ.

මෙම අවස්ථාවට පැමිණි ආරාධිත අමුත්තන් පාසල් සිසු දරුදැරියන් විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විශේෂ ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා උත්සවයේ ආරම්භය සනිටුහන් කළේය. පාසල් ළමුන්ගේ කලාත්මක හැකියාවන් විදහා දක්වමින් සෞන්දර්යාත්මක අංග කිහිපයක් ද පවැත්විණි.

අනතුරුව, සාගල රත්නායක සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජික අමන්ද වීරසිංහ යන මහත්වරැන් උත්සව සභාව ඇමතූ අතර , විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඒ.බී. වලිසධීර මහත්මිය පාසල වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ට සහ ආරාධිත අමුත්තන්ට සිය කෘතවේදීත්වය පිරිනැමීය.

ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අමන්දා වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 1981 කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ඇතිව, 2023 ජුනි මස 16 දින ආරම්භ කරන ලදී.

ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඒ.ජී.එන්.සී ලක්මාල් මහතාගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත 12 යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලැබීය.