17th March 2024 15:44:57 Hours
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 84 වැනි වාර්ෂික සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරඟය 2024 මාර්තු මස 15 දින සිට 16 දින දක්වා ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලද අතර, එම තඟාරතාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හිමිකරගනී. මෙම තරඟය සඳහා පිහිනුම් සමාජ, පාසල් ඇතුළු කණ්ඩායම් 47 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 450 කට අධික පිරිසක් සහභාගි වූහ.
මෙම තරගය සදහා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයෙක් වන ශ්‍රී ලංකා යුධ හමුදා ජල ක්‍රීඩා කණ්ඩායමේ සභාපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ද සහභාගි වෙමින් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
යුද්ධ හමුදා ජල ක්‍රීඩා කණ්ඩායම විසින් ත්‍රිවිධ හමුදා ශූරතාව සහ පිරිමි ඉසව්වේ සමස්ත ශූරතාවය දිනාගත්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගරු සාගල රත්නායක මහතා සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් ද එක්ව සිටියහ