Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 17:01:18 Hours

‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 72’ සාර්ථකව අවසන්

‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 72’ හි සහතික පත්‍ර ප්‍රධානෝත්සවය 2024 මාර්තු මස 12 දින අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහභාගි විය. කොමිෂන් නොලත් නිලධාරීන් 140 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 12 සිට මාර්තු මස 12 දින දක්වා මාසයක කාලසීමාවක් පුරාවට මෙම පාඨමාලාව එම පුහුණු පාසලේදී පැවැත්විණි.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.එම්.ඒ.එම්. කරුණාධිපති වෙත හිමිවිය.

සහතිකපත් ප්‍රධානෝත්සවය සඳහා සටන් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් එන්.ආර්.එම්.ටී. නිශ්ශංක ආර්එස්පී යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ