12th March 2024 13:17:45 Hours
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කනගරායකුලම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා 561 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 07 දින 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන් අතර, ඔවුන් වෙනුවෙන් ආයුර්වේද වෛද්‍ය සායනයක් ද පවත්වන ලදී.
මෙම වැඩසටහනේ දී අඩු ආදායම්ලාභී පවුල් 50 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදුන් අතර, පෝෂණ අවශ්‍යතා ඇති ගර්භනී මාතාවන් 34 දෙනෙකු ද ඊට ඇතුළත් විය. තවද, කනගරායකුලම් ආයුර්වේද රෝහල සමඟ එ්කාබද්ධ වෙමින් එම ස්ථානයේම ආයුර්වේද වෛද්‍ය සායනයක් පැවැත්වීමට ද යුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහභාගී විය.
මෙම උත්සවය 561 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 10 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයන්හි භටපිරිස් විසින් සංවිධානය කරන ලද අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය දායකත්වය ප්‍රදේශයේ දානපතියන් විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා 561 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.ජී.ඒ. මලන්දෙණිය ආර්එස්පී ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.