11th March 2024 18:42:14 Hours
541 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනා පරිශ්‍රයේදී ප්‍රදේශයේ ජනතාවගේ සහ භටපිරිස්හි ප්‍රයෝජනය සඳහා ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියක් පසුගිය බදාදා (මාර්තු මස 06) දින විවෘත කරන ලදී.
මෙම ව්‍යාපෘතිය මගින් ත්‍රිවිධ හමුදා භටපිරිස්, ප්‍රදේශවාසීන් සහ මන්නාරම සිට යාපනය දක්වා A32 මාර්ගයේ ගමනා ගමන කටයුතු සිදුකරන මගීන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාලයි. 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් මත එම පාබල බලසේනාවේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබා දුන්හ.
මෙම ජල පිරිපහදු පද්ධතිය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද එක්ව සිටියහ.