11th March 2024 11:25:47 Hours
112 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් හල්දුම්මුල්ල, දමිළ පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් අතරින් අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සිව්දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 10 දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී. මෙම අවස්ථාවට 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී සහභාගී විය.
මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි දානපතියන් විසින් ලබාදුන් අතර, අ.පො.ස. (උ/පෙළ) විභාගය අවසන් වන තෙක් එම සිසුන් වෙත ආධාර ලබාදීමට අපේක්ෂා කරයි.