10th March 2024 10:36:22 Hours
නුමුණුකුල මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2024 මාර්තු මස 07 දින පැවති අතර එහි මැරතන් ධාවන ඉසව්ව සාර්ථකව පැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.
විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එහි අධීක්‍ෂණය කටයුතු සිදුකරනු ලැබූ අතර සිසු සිසුවියන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිළිබඳ භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ද ලබාදෙන ලදී.