10th March 2024 10:50:05 Hours
22 පාබල සේනාංකය සහ ඒ යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 මාර්තු මස 03 ඉරිදා දින තමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රමුඛ පවුලේ සාමාජිකයන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත දහම් පාසල් සිසු සිසුවියන් 350 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සම්බන්ධීකරණය මත 222 පාබල බලසේනාවේ සහ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.