07th March 2024 15:39:14 Hours
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් 2024 පෙබරවාරි මස 29 දින ‘මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් සහ ඉන් මිදෙන්නේ කෙසේද’ මැයෙන් දේශනයක් පැවැත්විණි.
ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිනී ජේ.කේ.එස්.එල්. සේමිණි සිරිශාන්ත මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේශනයේදී මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමෙන් මිදීමේ උපායමාර්ග පිළිබඳ අවබෝධයක් ලබාදෙනු ලැබීය.
මෙම දේශනය සඳහා 64 පාබල සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.