04th March 2024 13:33:02 Hours
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 මාර්තු මස 01 දින කතරගම ගෝතමීගම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
ස්ථීර නිවහනක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන දරුවන් තිදෙනෙකු ඇතුළු සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත නිවාසලාභී පවුල වෙනුවෙන් ඉදිකිරීමට නියමිත මෙම නව නිවස සඳහා මුල්ගල් තැබීම 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සුරතින් සිදුකෙරිණි.
නව නිවස ඉදිකිරීම සඳහා 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සිය තාක්ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදෙන අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය කොළඹ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදෙනු ලබයි.
මෙම අවස්ථාවට 121 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.