28th February 2024 11:08:58 Hours
නුවර එළිය, ශාන්තිපුර ‘Our Lady of Perpetual Help’ දේවස්ථානයේ බලධාරීන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 3( ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් එච්.ජේ සමරනායක ආර්එස්පී ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් එම දේවස්ථානය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ඉකුත් සඳුදා (පෙබරවාරි මස 26) දින සංවිධානය කරන ලදී.
අදාළ දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 3(ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 10 දෙනෙකු සහභාගී වූහ.