04th April 2024 12:59:42 Hours
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය වෙතින් පවත්වනු ලබන ‘සේනාංකාධිපති අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය -2024’ 2024 මාර්තු මස 26 සිට 2024 අප්‍රේල් මස 02 දින දක්වා පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකක නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් සහභාගී වූහ.
මූලික තරඟ 14 කින් අනතුරුව 8 ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 18 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායම අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගත් අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය. කැන්දලන්ද ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසන් මහා තරඟයේ ජයග්‍රහණය 8 ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමට හිමිවිය.
14 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය අංගම්පොර සටන් සහ අනෙකුත් විනෝදාස්වාද වැඩසටහන් වලින් වර්ණවත් කෙරිණි.