Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2020 20:27:19 Hours

‘ලෝක සංචාරක දිනය’ සැමරීමේ සමුළුවෙහි ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ට ඇරයුම්

එක්සත් ජාතින්ගේ ලෝක සංචාරක දින නිල සැමරුමට සමගාමීව වෙළඳ හා සංචාරක දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් උපාය මාර්ගික සංගමය සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව අඛණ්ඩව 7 වන වරටත් පවත්වනු ලබන ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව සහ සංචාරක පර්යේෂණ සම්මන්ත්‍රණය අද (27) දින මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ (Kandy City Center) පරිශ්‍රයේ දී පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිදු කළේය.

“ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වපසරීන්, වගකීම සහ තිරසාර පැවැත්ම” යන තේමාව කේන්ද්‍ර කරගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සංචාරක අධ්‍යයන අංශයේ සිසු සිසුවියන්, ආසියානු සංචාරක හා ආගන්තුක සත්කාරක අධ්‍යාපන විශේෂඥයින් සහ පර්යේෂකයන්ගේ සංගමය සහ සංචාරක ආර්ථික හා ආගන්තුක සත්කාර කළමනාකරණ ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සංචාරක නායකයින්ගේ සමුළුව අද (27) දින උදෑසන 11.00 ට ආරම්භ කෙරුණු අතර එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය (Ms. Hanaa Singer), ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ (Dr. Razia Pendse), ජාත්‍යන්තර කම්කරු සංවිධානය ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්‍ෂ සිම්රින් සිං (Ms. Simrin Singh) සහ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සභාපති කිමාලි ප්‍රනාන්දු (Mrs. Kimali Fernando) යන මහත්ම මහත්මීන් විසින් මෙහි අනෙකුත් දේශනයක් සිදුකරන ලදී.

ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ උපායමාර්ගික කළමනාකරණ ක්‍රමවේදය නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මෙම බුද්ධිමය හා වෘත්තීය සංවාදය, සංචාරක හා ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ තේමාවට සමගාමීව වෙළඳ හා සංචාරක දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් උපාය මාර්ගික සංගමය සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්ව දිවයින පුරා සිටින සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන පාර්ශවකරුවන්ට ලෝක සංචාරක දිනය (සැප්තැම්බර් 27) මහනුවරදී සැමරීමට අවස්ථාවක් ලබාදුන්හ.

ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍යාංශය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය රටේ ආර්ථික වර්ධනය, පාරිසරික තිරසාරභාවය, තිරසාර හා ගෝලීයකරණයට ප්‍රවේශ වී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, ලොව පුරා දැනුම හා සංචාරක ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වය සහ සහය යන අංශ කෙරෙහි අවධානය යොමුකරයි. “කොවිඩ්-19 වෛරසය සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය යලි සැලසුම් කිරීමට අවස්ථාවක් වන අතර සමාජ, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික වටිනාකම තුළින් තිරසාර සංවර්ධනයේ අරමුණු සඳහා දායක වන්නේ කෙසේද යන්න මෙන්ම, මේ අවස්ථාවේ දී හදිසියේම අවශ්‍ය වන ගෝලීය සහයෝගීතාව ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක අංගයන් වන ජනතාව එක්රැස් කිරීම සහ සහයෝගීතාවය හා විශ්වාසය ප්‍රවර්ධනය කිරීම තුලින් සංචාරක ව්‍යාපාරය නැංවීමේ හැකියාව” යනුවෙන් ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය නිකුත් කළ විශේෂ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ. latest jordans | Nike Shoes