Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2023 19:46:03 Hours

‘ලයා’ හෝටල් සමූහ ජාලයේ රාජකාරි කරනු ලබන කාර්යය මණ්ඩලය සඳහා ‘හෝටල් කළමනාකරණය’ පිළිබඳ පුහුණු වැඩසටහනක්

යුද්ධ හමුදාව තුල හෝටල් ව්‍යාපාර ක්‍ෂේත්‍රය වෘත්තීය මට්ටමෙන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව මගින් පාලනය කරනු ලබන ‘ලයා’ (Laya) හෝටල් සමූහ ජාලයේ රාජකාරි කරනු ලබන කාර්යය මණ්ඩලයේ 50 දෙනෙකු සඳහා ‘හෝටල් කළමනාකරණය’ (Hotel Management) පිළිබඳ එක් දින පුහුණු වැඩසටහනක් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින වාද්දුව ලයා බීච් හෝටලයේදී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ලයා හෝටල් සමූහයෙහි අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බ්‍රිගේඩියර් රොහාන් බෙන්ජමින් විසින් ලබා දුන් උපදෙස් මත පවත්වන ලද මෙම එක් දින වැඩමුළුව තුලින් හෝටල් කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ඇති අභියෝග වලට සාර්ථකව මුහුණ දීම සඳහා නිසි ලෙස කළමනාකරණ කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරනු ලැබීය. මෙම වැඩ මුළුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ තිදෙනෙකු ද සහභාගී වූහ.

වැඩ මුළුවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් රොහාන් බෙන්ජමින්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහභාගී විය.