Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2023 14:43:05 Hours

‘ලයා බීච්’ හෝටල් පරිශ්‍රයේදී පැවති ‘ඉෆ්තාර්’ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

මුස්ලිම්වරුන්ගේ උපවාසය අත්හැරීම හෙවත් ‘ඉෆ්තාර්’ චාරිත්‍ර ඉටු කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ඉස්ලාම් ආගමික නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් ඉකුත් බදාදා (19) දින වාද්දුව ‘ලයා බීච්’ හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් විසින් සිදුකරනු ලබන ‘ඉෆ්තාර්’ චාරිත්‍රයට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුස්ලිම් නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරන ලද අතර, මෙමගින් රටේ සමෘද්ධිය සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම ද සිදු කෙරිණි.

උත්සවයේ පිළිගැනීමේ කතාව යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඒ. එම්. මුතාලිබ් විසින් පවත්වනු ලැබූ අතර, ගරු මවුලවි අබ්දුල්ලා මොහිදීන් විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් දේශන පවත්වමින් ‘ඉෆ්තාර්’ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සහ එහි අර්ථය ජීවන රටාවට වැදගත්වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ලදී.

ඉෆ්තාර් උපවාසය අත්හැරීමේ යාඥාවෙන් අනතුරුව, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමගින් යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මැතිණිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඒ. එස්. එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී. එම්. කේ. ඩී. බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඒ. එම්. මුතාලිබ් ඇතුළු යුද්ධ හමුදා මුස්ලිම් සංගමයේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ එක්ව ‘ඉෆ්තාර්’ චාරිත්‍ර වාරිත්‍රයන්හී යෙදී ආහාර අනුභව කරමින් එම ආගමික උත්සව අවස්ථාව සංකේතවත් කරන ලදී.

උත්සව සභාව ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන් මෙම උත්සවයේ ඉෆ්තාර් චාරිත්‍ර වාරිත්‍රයන් පැවැත්වීම සඳහා දායකත්වය දැක්වූ මවුලවිතුමන්ලා දෙපල වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මුස්ලිම් සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් ටී. එම්. පී. ජලාල් විසින් ස්තුති කතාව පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී. කේ. ජී. එම්. එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් එම්. ජී. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබලිව්. එම්. සී. බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ. සී. ඒ. ද. සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මැතිණිය ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් එක් වූහ.