Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2024 17:44:02 Hours

‘රිවර් එඩ්ජ් ලෙෂර්’ නිවාඩු නිකේතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සුඛෝපභෝගී ‘රිවර් වීව් කෝටේජ්’ නිකේතනය විවෘත කෙරේ

213 පාබල බලසේනාව වෙතින් කළමනාකරණය කරනු ලබන ‘රිවර් එඩ්ජ් ලෙෂර්’ (River Edge Leisure) නිවාඩු නිකේතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ සුඛෝපභෝගී ‘රිවර් වීව් කෝටේජ්’ (River View Cottage) නිකේතන පරිශ්‍රය 2024 පෙබරවාරි මස 17 දින පැවති උත්සවයකදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් විවෘත කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.

මෙම නව නිකේතන පරිශ්‍රය සංචාරකයින් වෙත සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සපයන අතර මෙම නිවාඩු නිකේතන දැකුම්කළු වටපිටාවකින් ද සමන්විත වනු ඇත.