03rd May 2023 18:33:04 Hours
එළඹෙන රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳ සොයාබැලීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හලාවත, කබල්ලෑව ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙන් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.
මෙවර ‘රාජ්‍ය වෙසක් උත්සවය - 2023’ ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උපදෙස් මත 2023 මැයි මස 03 සිට 09 දින දක්වා හලාවත, කබල්ලෑව ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙන් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සංචාරයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත එම පරිශ්‍රයේ සිදුකිරීමට නියමිත වැඩකටයුතු සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් වෙත උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රී රතනසිරි නාහිමි මහ පිරිවෙනේ විහාරාධිපති හිමිපාණන් බැහැදැක උත්සවය සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් හුවමාරුවක ද නිරත වූවේය.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, 143 පාබල බලසේනාවේ බලසේනාධිපති, 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.