Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘රණවිරු’ ඇපරල් ආයතනයේ වාර්ෂික වොලිබෝල් සහ නෙට්බෝල් තරඟාවලිය උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

යක්කල ප්‍රදේශයේ පිහිටි ‘රණවිරු’ ඇපරල් ආයතනයේ 21 වන සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් කර්මාන්තශාලා වොලිබෝල් සහ නෙට්බෝල් තරඟාවලිය අලව්ව ‘රණවිරු’ ඇපරල් ආයතන ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.

රණවිරු ඇපරල් ආයතනයේ සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලබන මෙම තරඟාවලිය එම ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංගගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.

එම තරඟාවලියේ අවසන් මහා තරගයේදී විවිධ හැකියාවන් සහිත යක්කල රණවිරු ඇපරල්ස් ආයතන කණ්ඩායම පරාජය කරමින් අලව්ව රණවිරු ඇපරල් ආයතන කණ්ඩායම ශූරතාවය හිමිකරගැනීමට සමත් වූහ.

මීට සමගාමීව පැවති නෙට්බෝල් තරඟාවලියේදී යක්කල රණවිරු ඇපරල් ආයතන කාන්තා කණ්ඩායම පරාජය කරමින් අලව්ව රණවිරු ඇපරල් ආයතන කාන්තා කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

කෙසේවෙතත්, පැවති තරඟයන්හි දී යක්කල රණවිරු ඇපරල් ආයතන කණ්ඩායම සහ අලව්ව රණවිරු ඇපරල් ආයතන කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ විශේෂ ක්‍ර‍ීඩා කෘෂල්යයන් මැනවින් එළිදැක්වූහ.

මෙම තරඟාවලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි රණවිරු ඇපරල් ආයනයේ සේනාවිධායක මේජර් ජෙනරාල් මංජුල මනතුංග සමඟ එම ආයතනයේ නියෝජ්ය සේනාවිධායකතුමන්ව අලව්ව රණවිරු ඇපරල් ආයතනයේ කලමණාකරු ලුතිතන් කර්නල් අර්ජුන කොඩිප්පිලි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

ඉන් අනතුරුව, රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක සහ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු කර්මාන්තශාලා දෙකෙහිම කළමනාකරුවන් ඇතුළු අංශ ප්රධානින් කිහිප දෙනෙකු විසින් ජයග්‍රහකයින්ට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කළහ. Running sneakers | Men’s shoes