Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th January 2024 19:16:27 Hours

‘යොවුන් කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2023’ තරඟාවලියෙන් යුද්ධ හමුදාවට පදක්කම් රැසක්

‘යොවුන් කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2023’ තරඟාවලිය දෙසැම්බර් මස 27 සිට 30 දින දක්වා පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීය. මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා වෙසෙන බර ඉසිලීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.

යුද්ධ, නාවික සහ ගුවන් හමුදා නියෝජිතයන් ඇතුළුව ක්‍රීඩා සමාජ 11 ක තරඟකරුවන් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම එම තරඟයේදී රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගැනීමට සමත් වූහ.