Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘මුයිතායි ශූරතා තරඟාවලියේ’ පළමුවටය ආරම්භ කරයි

යුද්ධ හමුදා ‘මුයිතායි කමිටුව’ විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු මුයිතායි තරඟාවලියේ පළමු වටයේ තරඟ ඉකුත් සිකුරාදා (29) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මුෂ්ටි ප්‍රහාරක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා ‘මුයිතායි කමිටුව’ විසින් කරන ලද අරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සහභාගී වූහ.

මෙම වසරේ පැවති ශූරතා තරඟාවලිය සඳහා රෙජිමේන්තු 20ක් නියෝජනය කරමින් කණ්ඩායම් තරඟ වැදුණු අතර මෙම ජනප්‍රිය මුයිතායි බොක්සිං ක්‍රීඩාව තරඟ වට 80 කින් සමන්විත වූ අතර ඒ සඳහා ක්‍රීඩකයින් 120 ක් හා ක්‍රීඩිකාවන් 20 ක් සහභාගී වූහ. වර්ෂ 2020 ජනවාරි මස අවසාන සතියේ තරඟාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත.  

මෙම තරඟාවලියෙහි සමාරම්භක උත්සව අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල ඇතුළු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගී වූහ. latest jordans | UOMO, SCARPE