Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2023 17:23:48 Hours

‘පොසොන්’ පෝය වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් අඹේපුස්ස ප්‍රදේශයේ දන්සැලක් පවත්වයි

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පසුගිය සෙනසුරාදා (03) දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් සහ එම රෙජිමේන්තුවේ සේවා මුක්ත භටසංගමය එක්ව අඹේපුස්ස, සේනානායක මුචලින්දාරාම විහාරස්ථානයේ දී රටවෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් දානමය පිංකමක් පවත්වනු ලැබීය.

එදින සන්ධ්‍යවේ අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල බත් දන්සැලක් පවත්වනු ලැබීය. එහි සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඔමිලා ජයවර්ධන මහත්මිය සහභාගී වූහ. බත් දන්සැල සඳහා අවට ප්‍රදේශ වාසීන් 3500 කට ආසන්න පිරිසක් පැමිණ සිටිහය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.