Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2023 17:26:06 Hours

‘පොසොන්’ පොහොය නිමිත්තෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් මඤ්ඤොක්කා දන්සලක්

‘පොසොන්’ පොහොය නිමිත්තෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මඤ්ඤොක්කා දන්සලක් සහ ‘බැති-ගී සරණිය’ භක්ති ගීත සංදර්ශනයක් පවත්වන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.ඒම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිණි හිමාලි පුස්සැල්ල මහත්මියගේ යෝජනාවකට අනුව ඉරිදා (ජුනි 04) දින දඹුල්ල, දඹුලුහල්මිල්ලවැව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

සම්භාවනීය ආරාධිතයින්ගේ පැමැණිමෙන් පසු සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා ‘බැති ගී’ සරණිය ආරම්භ කරන ලදී. දඹුල්ල අ/දඹුලුහල්මිල්ලවැව ආදර්ශ විද්‍යාලයේ සිසුන් 189 දෙනෙකු සහ ගුරුවරුන් 15 දෙනෙකු ඇතුලු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයින් 21 දෙනෙකු භක්ති ගීත ගායනා කරනු ලැබූහ. යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සංගීත කණ්ඩායම ඒ සඳහා සංගීතය සපයන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.ඒම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සමගින් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සාමාජිකයින් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයයන් පිරිසක් සහභාගි වූහ.