20th March 2023 18:39:41 Hours
‘නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 43’ සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය අම්පාර සටන් පුහුණු පාසලේදී පසුගිය සෙනසුරාදා (18) දින යුද්ධ හමුදා පුහුණු පාසලෙහි අණදෙන නිලධාරි කර්නල් ශාමල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මාසයක කාල සීමාවක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 61 දෙනෙකු සහභාගී වූහ.
පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් අයි.කේ.එම්.එස්.එස්. ඉලංගසිංහ සම්මාන හිමිකරගත්තේය. මෙම උත්සව අවස්ථාවට අම්පාර සටන් පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.