Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2023 20:16:03 Hours

‘ජාතික මුයිතායි ශූරතාව - 2023’ හි ජය යුද්ධ හමුදාවට

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නොවැම්බර් මස 30 දින සිට දෙසැම්බර් මස 04 දින දක්වා පැවති ‘ජාතික මුයිතායි ශූරතාව - 2023’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ තවත් ක්‍රීඩා සමාජ 30 ක් නියෝජනය කරමින් දිවයින පුරා මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 දෙනෙක් සහභාගී වූහ.

තරඟාවලියේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 15 ක්, රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට සමත්වූහ.

අවසන් මහා තරඟය සියැසින් දැකබලාගැනීම සඳහා යුද්ධ හමුදා මුයිතායි සංචිතයේ උප සභාපති කර්නල් පී.පී.සී පෙරේරා (පළමු ජාතික පුහුණුකරු), කළමණාකාර මේජර් ආර්. එන්.අයි.පී. රූපසිංහ, පුහුණුකරු දෙවන ලුතිනන් එම්.ඒ.ටී.ඩී මල්ලවගේ ඇතුළු පිරිසක් සහභාගී වූහ.