26th January 2024 15:27:40 Hours
‘ජාතික බේස්බෝල් ශූරතාවලිය - 2024’ දියගම බේස්බෝල් පිටියේදී 2024 ජනවාරි මස 06 සිට 21 දින දක්වා දිවයින පුරා බේස්බෝල් කණ්ඩායම් 19 ක සහභාගීත්වයෙන් පැවැත්විණි.
යුද්ධ හමුදා බේස්බෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා බේස්බෝල් ක්‍රීඩකයින් තරඟාවලියට සහභාගී වූහ. තරඟාවලියේ අවසන් තරඟයේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශූරතාවය වෙනුවෙන් නාවික හමුදා ක්‍රීඩකයින් සමඟ තරඟවැදිණි.
නාවික හමුදාවට එරෙහිව යුද්ධ හමුදා බේස්බෝල් කණ්ඩායම ලකුණු 4 ට 9 ලෙස ලබා ගනිමින් ශූරතාව දිනාගත් අතර අනුශූරතාවය නාවික හමුදා බේස්බෝල් කණ්ඩායමට හිමිවිය.
තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් පහතින් දැක්වේ:
දක්‍ෂතම ක්‍රීඩකයා : සන්නද්ධ බුද්ධි බලකායේ කෝප්‍රල් කේ.ජේ.ටී.එම්. ප්‍රියදර්ශන
දක්‍ෂතම පන්දු පිරිනමන්නා : ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.ජී.කේ.කේ මධුශංක
දක්‍ෂතම පන්දු රකින්නා : සන්නද්ධ බුද්ධි බලකායේ මාණ්ඩලික සැරයන් එස්.එස් රත්නායක