25th January 2024 18:23:22 Hours
‘ජාතික ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2024’ දියවන්නාව ගෘහස්ථ ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී 2024 ජනවාරි මස 20 සහ 21 දෙදින තුළ පැවති අතර එහිදී ජයග්‍රහණ 13 ක් හිමිකරගනිමින් යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගත්හ.
මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම්, ඔරු පැදීමේ ක්‍රීඩා සමාජ සහ පාසල් කණ්ඩායම් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වූහ.
යුද්ධ හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ කාණ්ඩයන් සහ හිමිකරගත් ස්ථානයන් පහතින් දැක්වේ:
මීටර් 2000 විවෘත පිරිමි කාණ්ඩයේ ප්‍රථම සහ දෙවන ස්ථාන
මීටර් 2000 විවෘත කාන්තා කාණ්ඩයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන
මීටර් 2000 පිරිමි සැහැල්ලු කාණ්ඩයේ ප්‍රථම සහ දෙවන ස්ථාන
මීටර් 2000 කාන්තා සැහැල්ලු කාණ්ඩයේ ප්‍රථම ස්ථානය
මීටර් 2000 පිරිමි 23 න් පහළ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය
මීටර් 500 x 4 පිරිමි විවෘත කාණ්ඩයේ ප්‍රථම සහ තෙවන ස්ථාන
මීටර් 500 x 4 කාන්තා විවෘත කාණ්ඩයේ ප්‍රථම ස්ථානය
මීටර් 500 x 4 මිශ්‍ර විවෘත කාණ්ඩයේ ප්‍රථම ස්ථානය