23rd May 2024 18:02:45 Hours
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 51’ සහ ‘කොමිෂන් නොලත් නිලධාරී නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 56’ සමාප්ති උත්සවය 2024 මැයි මස 21 දින පැවැත්විණි.
අම්පාර සටන් පුහුණු පාසලේදී මාසයක කාලසීමාවක් පුරාවට පැති මෙම පාඨමාලාවන් සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 53 දෙනෙක් සහ කොමිෂන් නොලත් නිලධාරීන් 83 දෙනෙකු සහභාගී වූහ. ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 51’ හි දක්ෂතම සෙබලාට හිමි සම්මානය විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් ආර්.එස්.එන්. රණතුංග ආර්එස්පී යූඑස්පී වෙත හිමි වූ අතර ‘කොමිෂන් නොලත් නිලධාරී නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 56’ හි දක්ෂතම සෙබලාට හිමි සම්මානය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් ඩී.පී. පීරිස් විසින් දිනාගන්නා ලදී.
අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.ඒ.ඩී. චන්ද්‍රමාල් විසින් පාඨමාලාවන් සඳහා සහභාගීවූවන් වෙත සහතිකපත් ප්රදානය කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.