Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th March 2024 10:47:45 Hours

‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 50’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 50’ සාර්ථකව අවසන් වූ අතර එහි සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 මාර්තු මස 26 දින පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 55 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මාසයක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව 2024 පෙබරවාරි මස 27 සිට 2024 මාර්තු මස 26 දින දක්වා පැවැත්විණි. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන් ඊ.ජේ.ජී.අයි. චමින්ද විසින් දිනාගන්නා ලදී.

සහතිකපත් ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් එම්.කේ.එ්.ඩී. චන්ද්‍රමාල් සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා සටන් පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූහ.