Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘කුකුලේගඟ මෝටර් රථ තරඟාවලිය’ පිළිබඳ මාධ්‍ය දැනුවත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පළමු වරට සංවිධානය කරනු ලබන ‘Kukuleganga Speed Climb 2021’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟාවලිය සඳහා මේ වනවිට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා මෝටර් රථ ධාවකයින් 120 ක් සහ යතුරු පැදි ධාවකයින් 80 කට අධික පිරිසකගේ සහභාගීවීමට නියමිතය. තරඟාවලිය අප්‍රේල් මස 10 සහ 11 දින කුකුලේගග මෝටර් රථ ධාවන පථයේදී පවත්වන්නේ මෝටර් රථ ධාවන සහ යතුරු පැදි ධාවකයින් සඳහා නවතම අත්දැකීමක් ලබාදෙමිනි.

‘Kukuleganga Speed Climb 2021’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරඟාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව පසුගිය බදාදා (31) දින කොළඹ 02 පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.

මෙම මාධ්‍ය සාකච්ඡාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් වසන්ත මාදොල ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං සංගමය එක්ව සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ සංගමයේ උප සභාපති බ්‍රිගේඩියර් ඉන්දු සමරකෝන්, සීමාසහිත මහාරාජා ටෙලිවිෂන් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා, හච් දුරකථන සන්නිවේදන ජාලයේ ප්‍රධාන විධායක නිලධාරිනි රම්සිනා ලායි මහත්මිය සහ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ සභාපති ඉස්වාන් අහමඩ් මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවේ මුලසුන හෙබවූහ.

මනරම් කඳුකර ප්‍රදේශයේ සම්පුර්ණයෙන්ම කාපට අතුරා සකස්කර ඇති මෙම ධාවන පථය මෝටර් රථ ධාවකයින්ට මෙන්ම යතුරු පැදි ධාවකයින්ට ද නැවුම් අත්දැකීමක් වන අතර ඔවුන්ගේ හැකියාවන් සහ දක්‍ෂතාවයන් ඔප්නැංවීමට ද මෙම ධාවන පථය තේතැන්නක් වනු ඇත. මීටර් 10 ක් පළල සහ අංශක 60 ක ආනතියක් සහිත මෙම ධාවන පථය මීටර් 900 ක් දක්වා දිවෙන අතර තියුණු වංගු 2 කින් ද සමන්විත වේ.

මුහුදු මට්ටමේ සිට මීටර් 120 ක පමණ උසින් පිහිටි තරඟ අවසන් කිරීමේ ස්ථානය ආරම්භක ස්ථානයේ සිට මීටර් 90 ක් පමණ උසින් පිහිටා ඇති අතර එය නරඹන්නන්ට ඉතා මනරම් දර්ශනයක් ලබාදෙනු ඇත. මෙම තරඟාවලිය පළමුවරට අප්‍රේල් මස 10 සහ 11 දින කුකුලේගග දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මේජර් ජෙනරල් වසන්ත මාදොල මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය. Sports brands | NIKE AIR HUARACHE