Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘කළම්බෝ සුපර් ක්‍රොස් - 2017’ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින්ගෙන් සුවිශේෂී දක්ෂතා

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කළ ‘කළම්බෝ සුපර් ක්‍රොස් - 2017’ තරඟාවලිය මැයි මස (07) වන දින වැලිසර දී පවත්වනු ලැබූ අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී විය.

මෙම තරඟාවලිය සඳහා මෝටර් රථ සහ ධාවනපැදි ඉසව් 22 ක් නියෝජනය කරමින් ධාවකයින් 125 දෙනෙකු සහ මෝටර් රථ රියදුරන් 85 දෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා පහතින් දැක්වේ.

ට්‍රක් සහ ජිප් රථ ඩීසල් 5500 සීසී ඉසව්ව

කර්නල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් - තෙවන ස්ථානය

ට්‍රක් සහ ජිප් රථ විවෘත ඉසව්ව

ලුතිනන් කර්නල් ජේ.කේ.ඩී.ජි ජයසිංහ - ශ්‍රීලවියාඉ - තෙවන ස්ථානය

ගෲප් එස්එල් ඊ මිනි 1275 සීසි විවෘත ඉසව්ව

ලුතිනන් කර්නල් ජේ.කේ.ඩි.ජි ජයසිංහ - ශ්‍රීලවියාඉ - තෙවන ස්ථානය

රේසින් 125 සීසී ආරක්ෂක සේවා ඉසව්ව

සංසෙ ඩි.බි.කේ. සිල්වා - ශ්‍රීලංසංබ - ප්‍රථම ස්ථානය

ලාන්ස් කෝප්‍රල් පි.එම්.ජේ. සිගේරා - ශ්‍රීලයුපොහේබ - දෙවන ස්ථානය

සාසෙ ඒ.ඩබ්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රීලයුසේබ - තෙවන ස්ථානය

ස්ටෑන්ඩර්ඩ් 250 සීසී ජාතික ඉසව්ව

ඉසව් අංක 01

සාසෙ ඒ.ඩබ්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රීලයුසේබ - දෙවන ස්ථානය

ඉසව් අංක 02

සාසෙ ඒ.ඩබ්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රීලයුසේබ - ප්‍රථම ස්ථානය

රේසින් 250 සීසි ශුරතා ඉසව්ව

ඉසව් අංක 01

ලාන්ස් කෝප්‍රල් පි.එම්.ජේ. සිගේරා - ශ්‍රීලයුපොහේබ - ප්‍රථම ස්ථානය

සාසෙ ඒ.ඩබ්.එල්.ජේ. කුමාරසිංහ - ශ්‍රීලයුසේබ - පස්වන ස්ථානය

ඉසව් අංක 02

ලාන්ස් කෝප්‍රල් බි.එම්.අයි. බස්නායක - ශ්‍රීලයුපොහේබ - පස්වන ස්ථානය

Buy Sneakers | Nike SB