Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2024 12:39:43 Hours

‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 103’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 103’ හි සහතිකපත්‍ ප්‍රධානෝත්සවය 2024 අප්‍රේල් මස 09 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

මාස තුනක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරින් 46 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 12 ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ.පී. මධුෂාන් තේරීපත්විය.

මෙම සහතිකපත් ප්‍රධානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.