Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2023 20:05:07 Hours

‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 2’ සාර්ථකව අවසන්

‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 2’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය මාර්තු මස 22 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ සහභාගී විය.

2023 මාර්තු මස 06 සිට 22 දින දක්වා පැවති මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මොංගෝලියාව, නේපාලය සහ බංගලාදේශය යන රටවල් නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරින් 38 දෙනෙකු සහභාගී වූහ.

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චින්තක රාජපක්‍ෂ ගේ උපදෙස් මත ගෝලීය සාමසාධක මෙහෙයුම් හා සබැඳි උපදෙස්වලට අනුකූලව මෙම පාඨමාලාවේ විෂය මාලාව නිර්මාණය කරනු ලැබීය.

ස්වීඩනයේ සහකාර නිලධාරී උපදේශක ස්වීඩනයේ බෙංගට් ෆොල්කේසන් (Mr. Bengt Folkeson) මහතා සහ ඩෙන්මාර්කයේ ජෙන්ස් වින්තර් ඇන්ඩර්සන් (Mr. Jens Winther Anderson) මහතා, නේපාල යුද්ධ හමුදාවේ සුජාන් ගුරුං (Sujan Gurung), ලුතිනන් කර්නල් එම්.එල්.එන්.යූ. ලියනගේ, ලුතිනන් කර්නල් එම්.ඒ.ඒ.පී. පෙරේරා, ලුතිනන් කර්නල් ඩී.ජී.ඊ.එම්.ආර්.බී. ධම්මන්තොට සහ මේජර් කේ.එච්.ඩී. මෙන්ඩිස් යන දේශක මණ්ඩලය මෙම පාඨමාලාවේ දේශන පැවැත්වීය.

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ විශේෂ නියෝජිතයන්, ආරක්‍ෂක සහයෝගීතා කාර්යාලයේ ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් සීන් ජින් (Sean Jin), ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් පාඨමාලාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කලාපීය සාමසාධක මෙහෙයුම් ඵලදායි ලෙස පැවැත්වීම සඳහා විදේශ ජාතීන් අතර මිත්‍රශීලීත්වය ශක්තිමත් කිරීම, සාමසාධක භටපිරිස්හි හැකියාවන් වැඩිදියුණු කිරීම සහ ජාත්‍යන්තර ඵලදායීතාවය වැඩිදියුණු කිරීමට එක්සත් ජනපද රජයේ අරමුදල් මත ක්‍රියාත්මක කරනු ලබන ආරක්‍ෂක වැඩසටහනක් ලෙස ගෝලීය සාමසාධක මෙහෙයුම් සඳහා මුලපිරීමේ වැඩසටහන හැඳින්විය හැකිය.