05th April 2025 12:37:30 Hours
‘ඉංජිනේරු බලකා සම්මන්ත්‍රණය - 2025, කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 03 දින පැවැත්විණ.
'පරිණාමය වෙමින් පවතින උපායමාර්ගික භූ දර්ශනය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික ප්‍රවේශයන් සහ සැලසුම්' යන තේමාව ඔස්සේ පැවැති මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී.ඒ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc විසින් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය පිළිබඳ හැඳින්වෙන වාර්තාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව බලකාධිපති විසින් පිළිගැනීමේ කථාව පවත්වන ලදී. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පැවැත්විය. පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක් පිරිනැමූ අතර, අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයක් සඳහා ද සහභාගි විය.
බ්‍රිගේඩියර් එෆ්. ජෝසප් USP ගේ ප්‍රධානත්වනේ පැවති මෙම සම්මන්ත්‍රණයේ පළමු සැසියේදී, කර්නල් එම්.ඩී.ජේ වික්‍රමආරච්චි USP psc ptsc සහ ලුතිනන් කර්නල් පී.ඒ.ඩී.එස්.ඩබ්ලිව් පොන්නම්පෙරුම USP psc විසින් ‘ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අනාගත උපායමාර්ගික ගමන්මඟ සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම’ තේමාව ඔස්සේ සාකච්ඡාවන් සිදුකෙරිණි.
සම්මන්ත්‍රණයේ දෙවන සැසිවාරය බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එස් ගමගේ RSP USP psc ndc ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී, ලුතිනන් කර්නල් ජී.ජී.සී.එල් කුලතුංග RSP psc සහ ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.එම්.පී වනිගසූරිය USP psc විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේදී ජාතික තිරසාරභාවය ඇතිකිරීම සහ ජාතිය ගොඩනැඟීමේ මෙහෙවරේදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කාර්යභාරය’ තේමාව ඔසසේ සාකච්ඡාවන් පැවැත්විය.
බ්‍රිගේඩියර් ටී.ඩී.පී සිරිවර්ධන psc ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් සැසිවාරයේදී, කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc සහ ලුතිනන් කර්නල් ජී.ඒ.ඩී අල්විස් RSP psc විසින් ‘එක්සත් ජාතීන්ගේ අනාගත සාමසාධක සහයෝගිතා මෙහෙයුම් සඳහා සහ HADR ක්‍රියාන්විතයන් සඳහා යෙදවීමට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ප්‍රවීණතාවය සහ නිපුණත්වය’ තේමාව ඔස්සේ එහිදී සාකච්ඡාවන් පැවැත්විණි.
සම්මන්ත්‍රණයේ සමාප්තිය සනිටුහන් කරමින් සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව ස්තූති කථාව පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණය සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සිවිල් සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගි වූහ.