Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය - 2021’ දී යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයා දස්කම් දක්වයි

‘ආසියානු බරඉසිලීමේ ශුරතාවලිය - 2021’ මෙවර උස්බෙකිස්තාන්, ටෂ්කෙන්ට් ප්‍රදේශයේදී අප්‍රේල් මස 16 දින සිට 25 දින දක්වා පැවැත්විණ. ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟවැදුණු ලාන්ස් කෝප්‍රල් වයි.ඩි.අයි. කුමාර කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ කිලෝග්‍රෑම් 241 බරක් ඔසවා සමස්ථ බර ඉසිලිමේ රිදී පදක්කම සහ (clink and perks method) ක්‍රමයට බර ඔසවා ලෝකඩ පදක්කමක් ද දිනාගනිමින් මාතෘභූමියටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවටත් කීර්තියක් අත්කරදී ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවා ගැනීමෙන් පසුව 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙත අනියුත්ත කල ලාන්ස් කෝප්‍රල් වයි.ඩි.අයි. කුමාර පසුගිය වසරවල පැවැති බර ඉසිලීමේ තරඟාවලින් කිහිපයක්ම ජයග්‍රහණය කර ඇත. url clone | Nike