Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘අභිමන්සල’ නේවාසික රණවිරුවන්ගෙන් චෙස් තරඟාවලියට අභියෝගයක්

ආබාධිත රණවිරුවන්ගේ අන්තර් රෙජිමේන්තු චෙස් තරඟාවලිය ඉකුත් සිකුරාදා (03) දින පාන්ගොල්ල ‘අභිමන්ස 3’ හිදී පැවැත්විණි.

දියතලාව ප්‍රඟුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ජි.එම්.සී.කේ.බී. ඒකනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගි විය.

මෙම තරඟාවලිය ඒකල සහ කණ්ඩායම් යන ඛාණ්ඩ යටතේ පවත්වන ලදී.

‘අභිමන්සල 2’, ‘අභිමන්සල 3’ සහ ‘රණවිරු සෙවණ - රාගම’ නේවාසිකව ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් 18 කට වැඩි පිරිසක් තරඟාවලිය සඳහා තරඟ වැදුණු අතර තරඟාවලියේ කණ්ඩායම් ශූරතාව රාගම රණවිරු සේවණ - රාගම ක්‍රීඩකයින් විසින් දිනාගන්නා ලදී. තරඟාවලියේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් ‘අභිමන්සල 2’ සහ ‘අභිමන්සල 3’ හි ක්‍රීඩකයින් විසින් දිනාගන්නා ලදී.

තරඟාවලියේ ඒකල ඛාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 18 දෙනෙකු තරඟ වැදුණු අතර පළමු ස්ථානය ‘අභිමන්සල 3’ හි කෝප්‍රල් ඊ.ඒ.එන්. එදිරිසිංහ විසින් හිමිකරගන්නා ලදී. Sportswear free shipping | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret