Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2024 18:29:26 Hours

‘අන්තර් බලඇණි මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’ හි ජය 11 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘අන්තර් බලඇණි මළල ක්‍රීඩා තරඟාවලිය - 2024’ 2024 මාර්තු මස 02 සහ 03 දෙදින තුළ දිගන ක්‍රීඩාගණයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා එම රෙජිමේන්තුවේ ඒකක නියෝජනය කරමින් ක්‍රීඩකයන් 275 දෙනෙකු සහභාගී වූහ.

තරඟවලියේ සමාරම්භක උත්සවය 2024 මාර්තු මස 02 දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය. තරඟාවලියේදී, 11 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලකුණු 174 ක් දිනාගනිමින් ප්‍රථම ස්ථානයත්, 2 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලකුණු 103 ක් දිනාගනිමින් දෙවන ස්ථානත්, 16 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලකුණු 100 ක් දිනාගනිමින් තෙවන ස්ථානයත් දිනාගත්හ.

2024 මාර්තු මස 03 දින පැවති සමාප්ති උත්සවයේ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.