Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th February 2024 13:50:49 Hours

‘SHANTI PRAYAS – IV’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ පෙරහුරු පාඨමාලාව සාර්ථකව අවසන්

නේපාලයේ පැවැත්වීමට නියමිත ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ පෙරපුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවති අතර, එම පුහුණු අභ්‍යාසයේ පෙරහුරුව 2024 පෙබරවාරි මස 08 දින සාර්ථකව අවසන් විය.

මෙම පෙරපුහුණු පාඨමාලාව 2024 ජනවාරි මස 16 දින සිට පෙබරවාරි මස 08 දින දක්වා යුද්ධ හමුදා නිලධාරීන් 02 දෙදෙනෙකු සහ සෙසුනිලයන් 19 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. වෘත්තීය සුදුසුකම්ලත් සාම සාධක භටයින් නිර්මාණය කිරීම මෙම පෙර පුහුණු පාඨමාලාවේ මූලික අරමුණ වේ.

‘SHANTI PRAYAS – IV’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2024 පෙබරවාරි මස 20 දින සිට මාර්තු මස 04 දින දක්වා නේපාලයේ බිරෙන්ද්‍රා සාමසාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේදී (Birendra Peace Operations Training Center) පැවැත්වීමට නියමිතව ඇත.

පාඨමාලාවේ සමාප්ති දේශනය ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී විසින් පවත්වන ලදී. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.