05th December 2024 21:21:55 Hours
‘National League Baseball Tournament – 2024’ තරඟාවලිය 2024 දෙසැම්බර් මස 01 දින දියගම බේස්බෝල් පිටියේදී පැවති අතර ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 18 ට 8 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත්වූහ.
මෙම තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 01 දින ආරම්භ කරනු ලැබූ අතර, යුද්ධ හමුදා බේස්බෝල් කමිටුවේ සභාපති සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී විය.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලාන්ස් කෝප්රල් එම්.එම්.ජී.ජී. ගයානි බණ්ඩාර සම්මාන දිනාගත් අතර දක්ෂතම පිතිකරු ලෙස සැරයන් කේ.එම්.එස්.එස්. විමලරත්නටත් දක්ෂතම පන්දු යවන්නිය ලෙස කෝප්රල් ඩබ්ලිව්.එන්. සමන්මලීටත් සම්මාන හිමිවූහ.
මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.