Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2020 17:00:38 Hours

‘COVID-19’ වෛරසය පිළිබඳ බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වේ

ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ ‘COVID-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි ‘COVID-19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින සන්ධ්‍යාවේ පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද වැදගත් කරුණු පහත දැක්වේ.

* ශ්‍රී ලංකාවේ තවදුරටත් කොරෝනා රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 59 ක් වන බවට හඳුනාගෙන ඇත.

* රජය විසින් නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් දැනටමත් පිහිටුවා ඇති අතර එම ස්ථානවල නිරෝධායනයට ලක්වන පුද්ගලයින් 2463 ක් සිටියි.

* ගාල්ල, බුස්ස නාවික හමුදා කඳවුරු තුළ නිරෝධානය වන දේශීය/විදේශීය අයවළුන් 04 දෙනෙක් වන අතර ඉන් 02 ක් ප්‍රංශ ජාතිකයින් හා 02 ක් ශ්‍රී ලාංකිකයේ වෙති.

* දැනට රෝගය ආසාධනය වී ඇති රෝගීන් අතරින් 81% ක් පිරිමින් බවත, 45.2% ක් වයස අවුරුදු 41 – 50 කණ්ඩයට අයත් පුද්ගලයින් බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂක විසින් පවසා ඇත.

* දැනට රට තුළ සිටින විදේශීය අයෝජකයන් සහ සංචාරකයන් හට අත්‍යාවශ්‍ය කරුණකදී හැර හෝටල්වලින් බැහැරව සිටීම සීමා කිරීමට හෝටල් කළමණාකාරීත්වයට උපදෙස් ලබාදී ඇත. ඒ අනුව සියළුම ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශිකයින්ට සිදුවන මොනයම් හෝ අපහසුතාවයකට ලක්වීම වළක්වා ගැනීමට වග බලාගන්නා ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

* සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහාය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ සහ ගුවන් හමුදා වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් රෝගී සත්කාරය සඳහා රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් පුද්ගලික ආරක්‍ෂක ඇගලුම් කට්ටල දේශීයව නිශ්පාදනය කිරීමට අවශ්‍ය මුලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

* කොරෝනා මර්දන කටයුතු සඳහා කැබිනම් මණ්ඩලය වෙතින් රුපියල් මිලියන 500 ක මුදලක් වෙන්කර ඇති බව ගරු සෞඛ්‍ය ඇමති තුමිය විසින් දැනුම්දෙන ලදී.

* අක්ෂි සහ දන්ත වෛද්‍ය සේවා හදිසි සේවාවලට පමණක් සීමාකර ඇත.

* රට පුරා දැඩි සත්කාර ඒකක 500 ක් දරුණු ලෙස පීඩාවට පත් වූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් නමුත් අනෙක් ඒවා වෙන් කරන ලද වාට්ටුවල නිරෝධායනය කර ඇත. මීට අමතරව, වැලිකන්ද රජයේ රෝහල කොරෝනා රෝගීන්ගේ නේවාසික ප්‍රතිකාර සඳහා භටපිරිස් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇත.

* ස්වයං නිරෝධායනය ක්‍රියාවලිය සඳහා කළ ඉල්ලීමට මේ වනවිට 8437 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර තවදුරටත් එසේ ලියාපදිංචිවීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.

* විදේශීය රටක සිට පැමිණි දේශීය/විදේශීය අයවළුන් හට නැවත විදෙස්ගත වීමේදී නිරෝධායන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. එබැවින් විදේශීය රටක සිට පසුගිය දින 14 ක් ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණි සියලු දෙස්විදෙස් මගීන් සඳහා සති දෙකක ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක්වන ලෙසත් නිරෝධායන ක්‍රියාවලියෙන් පසු නිරෝධායන සහතිකය ලබාගන්නා ලෙසත් වැඩිදුරටත් අවධාරණය කරනු ලැබේ.

* ඊයේ දින (18) UL 149 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නව දිල්ලි නගරයේ සිට බුද්ධගයා වන්දනාවෙන් අනතුරුව පැමිණි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 127 දෙනෙකුගෙන් 113 දෙනෙකු ස්වයං නිරෝධාන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති අතර, 14 දෙනෙකු රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

* අද දින (19) පස්වරු 1245 පැයට පමණ UL504 දරණ ගුවන් යානයෙන් එක්සත් රාජධානීයේ සිට පැමිණි ගුවන් මගීන් 142 දෙනෙකුගෙන් 141 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරමින් පවතින අතර ඉන් 01 අයෙකු රෝහල් ගතකර ඇත.

* තවදුරටත් පුත්තලම, හලාවත සහ මීගමුව පොලිස් බලප්‍රදේශයට පනවන ලද පොලිස් ඇදිරි නීතිය දැනුම්දෙන තුරු ක්‍රියාත්මකව ඇත.

* මාර්තු මස 20 දින සිට 27 දින දක්වා රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

* මෙම වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එය පාලනය කිරීම උදෙසා අත්‍යාවශ්‍ය සේවා වන ගිනි නිවීමේ ඒකකය, සෞඛ්‍ය සේවා, පශූ වෛද්‍ය ඒකකය, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකක, මළ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ඒකකය, නාගරික කර්මාන්ත ශාලාව සහ රථ වාහන සැලසුම් සහ ආරක්ෂණ අංශය හැර අනෙකුත් සාමාන්‍ය සියළු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කොළඹ මහ නගර සභාව මඟින් පියවර ගෙන ඇත. Nike sneakers | Nike Releases, Launch Links & Raffles