Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘CISM World Games - 2019’ මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ජයග්‍රාහකයින් දිවයිනට පැමිණෙයි

චීන ජනරජයේ වුහාන් නගරයේදී ඔක්තෝබර් මස 15 සිට 28 දින දක්වා පැවැති 7 වන ‘CISM World Games - 2019’ මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා තරඟ වැදුණු යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් සහ ප්‍රමුඛ ස්ථාන කිහිපයක් දිනාගැනීමට සමත්වූහ.

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හෙල්ල විසි කිරීම (පිරිමි සහ කාන්තා), මීටර් 100 (පිරිමි), මීටර් 400 (පිරිමි සහ කාන්තා), කඩුලු පැනීමේ තරඟය (මීටර 3000) සහ දුර පැනීම (පිරිමි) යන තරඟ ඉසව් නියෝජනය කරමින් මෙම මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගි වූහ. වුහාන් නගරයේ මළල ක්‍රීඩා ගම්මානයේ පැවති ‘7 වන CISM World Games - 2019’ මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000 කට අධික පිරිසක් සහභාගී වූහ.

‘CISM World Games - 2019’මළල ක්‍රීඩා තරඟාවලියේ යුද්ධ හමුදා ජයග්‍රහකයින් පහත පරිදි වේ;

හෙල්ල විසි කිරීම (කාන්තා)

2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බළලත් නිලධාරි I, බී.එල්. නදීකා ලක්මාලි (දුර මීටර් 52.73 - ලෝකඩ පදක්කම).

හෙල්ල විසි කිරීම (පිරිමි)

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල ආර්.එම්.ජේ.එස් රණසිංහ (දුර මීටර් 73.35 - ලෝකඩ පදක්කම).

මීටර් 100 (පිරිමි)

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බඩි ඩබ්ලිව්.කේ.එච්. ඊසාන් (කාළය තත්පර 10.62 යි - අවසන් වටයට තෝරා ගන්නා ලදී.)

මීටර් 400 (පිරිමි)

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල එස්.ඒ. දර්ශන (කාළය තත්පර 47.05 යි - අවසන් මහා තරගයේදී 8 වන ස්ථානය)

මීටර් 400 (කාන්තා)

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්. නදීෂා (කාළය තත්පර 53.87 යි - 7 වන ස්ථානය)

මීටර් 3000 කඩුලු පැනීම (කාන්තා)

සැරයන් යූ.කේ.එන්. රත්නායක (කාළය මිනිත්තු 9 තත්පර 48. 38 යි - 5 වන ස්ථානය)

දුර පැනීම (පිරිමි)

ශ්‍රි ලංකා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුවේ කාර්මික සෙබල එල්.එස්. ධනංජය හා ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ජී.ජේ.පී විමලසිරි (පිළිවෙලින් 4 වන සහ 14 වන ස්ථාන)

දුර පැනීම (කාන්තා)

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එස්.එල් සිල්වා (4 වන ස්ථානය)

තුන්පිම්ම (කාන්තා)

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල එච්.ඩි.වී. ලක්ෂානි ( 5 වන ස්ථානය)

බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලෙන් සදුදා (29) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණි මෙම කණ්ඩායම යුද්ධ හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ ඥාතීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. Asics shoes | Men's Footwear