Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th April 2024 19:08:51 Hours

‘75 වන Mr. Sri Lanka ජාතික කායවර්ධන ශූරතාවලිය 2024’ තරඟාවලියෙන් යුද්ධ හමුදාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය වෙතින් සංවිධානය කරනු ලැබූ 75 වන Mr. Sri Lanka ජාතික කායවර්ධන ශූරතාවලිය 2024’ තරඟාවලියේදී යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් සිය දක්‍ෂතා එළිදැක්වීය. වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී 2024 අප්‍රේල් මස 5 දින පැවති මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා කණ්ඩායම් නවයක් සහභාගි වූහ.

තරඟාවලියේදී, යුද්ධ හමුදා ක්‍රීඩකයින් කිලෝ ග්‍රෑම් 60, 65, 70, 75, 80 සහ 85 වශයෙන් බර කාණ්ඩ හයක් යටතේ රන් පදක්කම් 2 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට සමත්වූහ. 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ආර්.ඒ.පී.ඩී. රාජපක්‍ෂ ‘Mr. Sri Lanka’ සම්මානයෙන් පිදුම් ලැබීම තරඟාවලියේ විශේෂත්වයකි.

තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

කිලෝග්‍රෑම් 60 කාණ්ඩය

ගැමුණු හේවා බලකා කණ්ඩායමේ මාණ්ඩලික සැරයන් එච්.ඒ.එස්. හේවගේ - ලෝකඩ පදක්කම

කිලෝග්‍රෑම් 65 කාණ්ඩය

ගැමුණු හේවා බලකා කණ්ඩායමේ සැරයන් ජී.ජී.එන්. වික්‍රමසිංහ - රන් පදක්කම

කිලෝග්‍රෑම් 70 කාණ්ඩය

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමේ කෝප්‍රල් ආර්.ඒ.පී.ඩී. රාජපක්‍ෂ - රන් පදක්කම

කිලෝග්‍රෑම් 75 කාණ්ඩය

2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායමේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.සී. අජිත් කුමාර - ලෝකඩ පදක්කම

කිලෝග්‍රෑම් 80 කාණ්ඩය

ගැමුණු හේවා බලකා කණ්ඩායමේ සැරයන් කේ.පී.එන්. ගුණසේකර - රිදී පදක්කම

කිලෝග්‍රෑම් 85 කාණ්ඩය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායමේ කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ජේ.බී. විදානආරච්චි - ලෝකඩ පදක්කම

‘Mr. Sri Lanka’ සම්මානය

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමේ කෝප්‍රල් ආර්.ඒ.පී.ඩී. රාජපක්‍ෂ