Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2024 18:47:11 Hours

‘24th Dragon Warrior Open Championship’ තරඟාවලියේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාතේ කණ්ඩායමට

‘24th Dragon Warrior Open Karate Championship’ තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 මාර්තු මස 02 දින දිවයින පුරා කරාටේ සංගමයන්හි සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම තරඟාවලියේදී, තරඟ ඉසව් 12 ක් තුළින් යුද්ධ හමුදා පිරිමි කරාටේ කණ්ඩායම රන් පදක්කම් 11 ක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූ අතර යුද්ධ හමුදා කාන්තා කරාටේ කණ්ඩායම රන් පදක්කම් 5 ක් දිනාගැනීමට සමත්වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා කරාටේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා කරාටේ කණ්ඩායම් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූහ.

තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභගී වූහ.