11th June 2023 20:21:43 Hours
දේශීය සහ විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් දින හයක් පුරා පැවති ‘10th Damso International Chess Festival 2023’ තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය මැයි මස 27 සිට 30 දින දක්වා හික්කඩුව Lavanga Resort and Spa හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම රජයේ සහ වෙළඳ සේවා කාණ්ඩයේ ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදා ‘බී’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම පිළිවෙලින් පළමු සහ දෙවන අනුශූරතාව දිනාගත්හ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චෙස් සංගමය විසින් වාර්ෂිකව මෙම ‘10th Damso International Chess Festival 2023’ තරඟාවලිය සංවිධානය කරනු ලබයි. මෙම වෙස් තරඟාවලිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනය, ආසියානු චෙස් සම්මේලනය සහ ලෝක චෙස් සම්මේලනයේ පිළිගැනීමට ලක්ව ඇත.