Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

හොකි ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායට

යුද හමුදා හෝකි කමීටුව මගින් සංවිධානය කරනු ලැබු අන්තර් රෙජිමේන්තු හ‍ොකි තරඟාවලියේ අවසන් තරගය, අද (16) පස්වරුවේ කොළඹ 07 පිහිටි ඇස්ට්‍රො ටෆ් ජාත්‍යන්තර හොකි පිටි‍යේ දී පැවැත්වු අතර අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය සහ සන්නද්ධ බුද්ධි බලකා කණ්ඩායම අතර පැවැත්විය. මෙම තරඟය නැරඹිම සඳහා ක්‍රීඩාලෝලින් රැසක් සහභාගි වූ අතර, එහිදි ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකා ක්‍රීඩකයින් වෙත ජයග්‍රහණය හිමිවිය.

යුද හමුදා හොකි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් අවසාන තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ආර්.වි. උඩවත්ත සහභාගි විය.

මෙහි සමාප්ති උත්සවයේ දී ජයග්‍රහකයින් වෙත සම්මාන පිරිනැමු අතර, සන්නද්ධ බුද්ධි බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මෙන්ම නිලධාරි සහ සෙසුනිලයන් විශාල පිරිසක් ක්‍රීඩකයන් දිරිගැන්විම සඳහා එක්ව සිටියහ.

Sport media | Air Jordan Release Dates 2020