22nd March 2023 21:41:49 Hours
බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කහගොල්ලේ ආනන්ද හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව එම විහාරස්ථානයේ ධාතු මන්දිරය ඉදිකර වසරක් ගතවීම නිමිත්තෙන් පැවැත්වූ ආගමිකවතාවත් සහ පෙරහැර සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක ඇතුළු එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 60 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.
මාර්තු මස 19 දින අවසන් වූ පෙරහැර ගම්මාන කිහිපයක් ඔස්සේ ගමන්කරමින් හල්දුම්මුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන පරිශ්‍රයෙන් අවසන් විය. එම අවස්ථාවට පිත්තල වලින් සාදා නිමකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේලා 50 නමක් සහ අටපිරිකර 72 ක් රැගත් යුද්ධ හමුදා සාමාජිකයන් එක්වූහ. මේජර් ජෙනරල් මොහාන් රත්නායක ද මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආගමික වතාවත්වල නිරත වූ අතර, එහිදී භටපිරිස් වෙත ආශිර්වාද එක්කරමින් දිවංගත රණවිරුවන් වෙත පිං අනුමෝදන් කරනු ලැබීය.