Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

හමුදා පිරිමි පිහිනුම් ශූරයින් ආධුනික පිහිනුම් ශූරතාවය දිනා ගනී

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) මගින් සංවිධානය කරනු ලැබූ 2018 ආධුනික පිහිනුම් තරඟාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අවසන් වූ අතර, එහිදී යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් පිරිමි අංශයෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූහ.

ක්‍රිඩා සංගම් 144 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 1500 කට අධික ප්‍රමාණයක් තරඟ වැදුණු ආධුනික පිහිනුම් තරඟාවලිය, පෙබරවාරි මස 22 – 24 දක්වා පැවැත්වූ අතර යුද්ධ හමුදා ජල ක්‍රීඩා සංගමය එහිදි රන් පදක්කම් 05 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගනිමින් එම තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් වූහ.

යුද්ධ හමුදා ජල ක්‍රීඩා සංගමයේ සභාපති මෙන්ම යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රිඩකයින් සහභාගි විය. තවද, ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් යුද්ධ හමුදා පිහිනුම් සාමාජිකයින් වෙත ජාතික හා ජාත්‍යන්තර තරඟ ඉසව් වලට සහභාගි වීමට අවශ්‍ය මනා පුහුණුව සඳහා අවැසි සියළු සහයෝගය ලබාදෙයි.

affiliate tracking url | balerínky