07th August 2023 21:00:35 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ 112 පාබල සේනාංකයට අයත් 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හපුතලේ, තංගමලේ ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය ඉරිදා (අගෝස්තු මස 06) දින සිය දායකත්වය දැක්වූහ.
ලැව් ගින්න පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් වීමත් සමඟ යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු 16 දෙනෙකුගෙන් යුත් භටපිරිසක් එම ස්ථානයට කඩිනමින් ගොස් වේගයෙන් පැතිරී ගිය ලැව් ගින්න පැය කිහිපයක් ඇතුළත මැඩපවත්වනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලබාදුන් උපදෙස් මත අදාළ යුද්ධ හමුදා නිලධාරීන් මෙම මෙහෙයුම සමීපව අධීක්‍ෂණය කරන ලදී.